රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසා ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ලබන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා. ඒ පිළිබඳව කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේ.
රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණයක් සිදු කළ බව පවසමින් නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් අධි චෝදනා ගොනුකර තිබෙනවා.
දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරුවන අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි මේ පිළිබඳව විමර්ශන පැවැත්වා ඇත්තේ. මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබුණා.