ජනපති අනුරගෙන් මාවෙයිට අවසන් ගෞරව

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (31) අවසන් ගෞරව දක්වා තිබෙනවා. හිටපු මන්ත්‍රීවරයාගේ දේහය තැන්පත් කර ඇති කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි නිවසට අද දහවල් ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, පවුලේ ඥාතීන් සහ සමීපතමයන් වෙත සිය සංවේගය පළ කළ බව වාර්තා වෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු පිරිසක්ද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටි බවයි කියන්නේ.

Recent Post