වික්ටර් අයිවන් ජීවිතයෙන් සමුගනියි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අද සන්ධ්‍යාවේ මිය ගොස් තිබේ. කලක් අසනීප තත්වයෙන් සිටි වික්ටර් අයිවන් මිය යනවිට 76 වසරක්.  මජුවානා කංකානමගේ වික්ටර් අයිවන් ලෙස ඔහු උපන්නේ 1949 ජුනි 26 වෙනිදා යි.

පසු කලෙක මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කළ වික්ටර් අයිවන් 1971අරගලයට සම්බන්ධ වූ අයෙක්. එහිදී ඔහු හඳුන්වනු ලැබුවේ පොඩි අතුල නමින්. 1971 නැගිටීම පිළිබඳ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව වෙත මුහුණ දුන්නේ 7 වැනි විත්තිකරු ලෙසයි.එහිදී ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පෙනී සිටි ඔහුට වසර 5ක සිර දඬුවමක් නියම විය. සිරගතව සිටියදී ඔහු ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම මාක්ස්වාදයද අත්හැරියේය. ආතුරුව ඔහු තමන් අවිහිංසාවාදයේ දර්ශනය අනුගමනය කරමින් ගාන්ධිවාදියෙකු වූ බව පැවසීය.

කාලෙකට පසුව ඔහු විසින් කතෘත්වය දරමින් සර්වෝදය ආයතනයේ මුල්‍ය අනුග්‍රහය මත රාවය සඟරාව ආරම්භ කළේය. අනතුරුව එය කුඩා ප්‍රමාණයේ කළු සුදු සති අන්ත පුවත් පතක් කළේය. පසුව එය බ්‍රෝඩ් ෂීට් ප්‍රමාණයේ පුවත් පතක් බවට වෙනස් කළේය. වික්ටර් අයිවන් කර්තෘවරයා, දේශපාලන විචාරකයා, දේශපාලන ක්‍රියාකාරිකයා, සමාජ ක්‍රියාකාරිකයා සහ ගත කතුවරයෙකු ලෙසද විවිධ තලයන් හී සිය සලකුණ තැබූ අයෙක්.

Recent Post