ප්‍රකට සමාජ සහ මාධ්‍ය ක්‍රියාකාරිනියක වූ සීතා රංජනී අද (17) සිය දිවිසරිය නිමාකර තිබෙනවා. ඇය මියයන් විට 71 හැවිරිදි වියේ පසුවුණා.
සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා ලෙස සීතා රංජනී උපත ලබා තිබුණේ 1954 මාර්තු 8 වන දින අනුරාධපුරයේ පෙරිමියන්කුලම ප්‍රදේශයේ දී යි. ඇය වසර 37කට වැඩි කාලයක් මාධ්‍යවේදිනියක සහ සමාජ ක්‍රියාකාරිණියක ලෙස කටයුතු කරමින් සිටියා.
ආර්. ප්‍රේමදාස පාලන සමයේ දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා එක්ව එහි සමාරම්භක ක්‍රියාකාරිනියකසේ කටයුතු කළ සීතා රංජනී එකල මර්ජ් ආයතනයෙන් ප්‍රකාශයට පත්කළ ‘යුක්තිය’ නමින් වූ සති අන්ත ටැබ්ලොයිඩ් පුවත් පතෙහි මාධ්‍යවේදිනියක් සේ කටයුතු කළ අයෙක්.
ඇය ජනමාධ්‍යවේදිනියක මෙන්ම කවිය, සාහිත්‍ය විචාර, සිනමා විචාර මෙන්ම ස්ත්‍රී ක්‍රියාකාරකම් හී නිරත වූ අයෙක්.
සිය අවසන් සමයේ දී පිළිකා රෝගයට ගොදුරුව සිටි ඇය මිය යන මොහොත තෙක්ම සිය සටන්කාමිත්වය රැකගත් අයෙක්. ඇය සිය ජීවිතයේ අවසන් සමයේ දී ‘උරග විසංතියක කුරුලු බිත්කර’ යනුවෙන් කවි පොතක්ද පළකර තිබෙනවා.