ගුණසේන විතාන දිවිගමන නිමාකරයි

ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදියකු සහ ගත් කතුවරයකු වූ ගුණසේන විතාන මහතා ඉකුත් සිකුරාදා අභාවප්‍රාප්ත වුණා. වාමාංශික ව්‍යාපාරය හා සම්බන්ධ දේශපාලන ක්‍රියාධරයෙකු වූ ඒ මහතා මිය යන විට 93 වන වියෙහි පසුවූ අයෙක්. සිව් දරු පියෙක්.

ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයකුද වන ගුණසේන විතාන මහතා ප්‍රගතිශීලී ලේඛකයන් වෙනුවෙන් ආරම්භ කළ ජාතික ලේඛක පෙරමුණේ ආරම්භක ලේකම්වරයා යි.

සිංහල කෙටිකතා ක්ෂේත්‍රයට නොමැකෙන සේවයක් කළ ලේඛකයකු ලෙස හැඳින්වෙන ඒ මහතා විසින් රචිත කෙටිකතා රැසක් රුසියාවනු, බල්ගේරියානු සහ ජර්මන් වැනි භාෂා කිහිපයකටද පරිවර්තනය වී තිබෙනවා.

හැටේ දශකයේ අග භාගයේ දී සාහිත්‍යකරණයට පිවිසි ගුණසේන විතාන මහතා මෙරට වාමවාදී සාහිත්‍ය ධාරාව හඳුන්වාදීමේ පුරෝගාමීන් අතර ප්‍රමුඛයෙක්.

ඔහුගේ දේහය 27 වෙනිදා සිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 28 සවස 4.00ට බොරැල්ල සුසාන භූමියේ දී සිදු කෙරෙනවා.

Recent Post