කෙනඩි අනපේක්ෂිත ලෙස ජනාධිපතිවරණ ඡන්දයෙන් ඉවත්වෙයි

ඇමරිකාවේ කැපී පෙනෙන දේශපාල පවුලක ප්‍රමුඛ චරිතයක් වන රොබට් එෆ්. කෙනඩි ජූනියර්, අනපේක්ෂිත ලෙස 2024 ඇමරිකානූ ජනාධිපතිවරණ ඡන්දයෙන් ඉවත් වී ඇත. එමෙන්ම ඔහු ඉදිරියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහයෝගය දෙනු ඇතැයි ඇමරිකානු මාධ්‍ය අනුමාන කරයි.

මෙම අනුමානයට හේතු වී ඇත්තේ කෙනඩි සහ ට්‍රම්ප් ෆීනික්ස්හී වෙන වෙනම රැලි පැවැත්වීමට දිනකට පෙර කෙනඩි මෙලෙස ජනාධිපතිවරණ ඡන්දයෙන් ඉවත්වීමය. 

කෙනඩිගේ මැතිවරණ ප්‍රචාර්ණ කණ්ඩායම නිවේදනය කළේ ඔහු ෆීනික්ස් හිදී “ඔහුගේ ඉදිරි මාවත” පිළිබඳ දේශනයක කිරීමට බලාපොරොත්තු වන බවයි. ට්‍රම්ප් එදිනම ආසන්නයේ රැලියක් පැවැත්වීමට නියමිතය. කෙසේ නමුත්, ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ කෙනඩිට ඔහු සමඟ පෙනී සිටීමට “කිසිදු සැලසුමක්” නොමැති නමුත් දෙදෙනාම එකවර එකම නගරයේ සිටින බව ඔහුද පවසා ඇත. මෙසේ තිබියදී ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ කණ්ඩායම “විශේෂ අමුත්තෙකු” පැමිණෙන බවට ඉඟි පළ කර ඇත.

ට්‍රම්ප් “දීප්තිමත් පුද්ගලයෙක්” ලෙස හඳුන්වමින් කෙනඩිව ප්‍රශංසා කර ඇති අතර කෙනඩි ට්‍රම්ප්ට සහාය දීමට තීරණය කළහොත්, සෞඛ්‍ය සහ මානව සේවා ලේකම් වැනි තනතුරක් කෙනඩිට පිරිනැමීමට විවෘත බවද ප්‍රකාශ කළේය.

Recent Post