යුක්රේන යුද්ධයේදී උතුරු කොරියානු සොල්දාදුවන් 1,000කට වැඩි පිරිසක් මිය ගිහින්

යුක්රේනයේ රුසියානු හමුදා සමඟ එක්ව සටන් කිරීමෙන් උතුරු කොරියානු සොල්දාදුවන් 1,000 කට වැඩි පිරිසක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී තහවුරු කර තිබේ.

දෙසැම්බරයේ ගැටුමට සම්බන්ධ වීමෙන් පසු අවම වශයෙන් උතුරු කොරියානු සොල්දාදුවන් 100 ක් මිය ගොස් ඇති බව දකුණු කොරියානු  බුද්ධි අංශ පසුගිය සතියේ නීති සම්පාදකයින්ට දැනුම් දීමෙන් පසුව මෙම ගණන වාර්තා වේ.

විවිධ තොරතුරු මූලාශ්‍ර භාවිතා කරමින්, යුක්‍රේන හමුදාවන්ට එරෙහි සටනේදී උතුරු කොරියානු භටයින් 1,100කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව ඔවුන් ගණන් බලා ඇත. රුසියාවේ යුද ප්‍රයත්නය ශක්තිමත් කිරීම සඳහා අතිරේක යෙදවීම් සඳහා උතුරු කොරියාව සූදානම් වීම ද මෙහිදී  ඉස්මතු කළේය.

හවද උතුරු කොරියාව විසින් රුසියාවට ඩ්‍රෝන යානා, රොකට්, ස්වයංක්‍රීය තුවක්කු ඇතුළු යුද උපකරණ සපයනු ලබන බව ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් වැඩිදුරටත් වාර්තා කළේය.  උතුරු කොරියාව මෙලෙස  යුධ ශක්තිය වැඩි දියුණු කිරීම සිය ජාතික ආරක්ෂාවටද තර්ජනක් බවට ඔවුන් අනතුරු ඇඟවීය,

දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවය යෝජනා කර ඇත්තේ රුසියාව උතුරු කොරියාවේ යල් පැන ගිය ආයුධ නවීකරණය කිරීම හා ඒවාට සහාය ලබාදීම මගින් උතුරු කොරියාවවේ යුධ ශක්තිය වැඩිදියුණු උපකාරී වන බවයි.

Recent Post