සයිබර් අපරාධ මධ්‍යස්ථානවල රඳවා සිටින ලාංකිකයන් බේරා දෙන ලෙස අගමැතිනිය තායීලන්ත රජයෙන් ඉල්ල​යි

මයිවාඩි හි සයිබර් අපරාධ මධ්‍යස්ථානවල රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් නිදහස් කාරගැනීම සඳහා සහය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය තායිලන්ත රජයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ තායිලන්ත තානාපති, පයිටූන් මහපන්නපෝන් (Paitoon Mahapannaporn, ) සහ අග්‍රාමාත්‍යවරිය අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවක දීයි.

සයිබර් අපරාධ මධ්‍යස්ථානවල සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු බේරා ගැනීමට තායිලන්තය රජය ලබා දුන් සහය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අග්‍රාමාත්‍යවරිය, තවමත් එම මධ්‍යස්ථාන වල සිටින ශ්‍රී ලාංකිකයින් 40 දෙනා බේරා ගැනීම සඳහා අඛණ්ඩ සහයෝගය ඉල්ලා සිට තිබෙනවා.

අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වීම පිළිබඳව තානාපති පයිටූන් මහපන්නපෝන් උණුසුම් සුබපැතුම් පළ කළ අතර ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතාව ශක්තිමත් කර ගැනීම, සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම, නවීන කෘෂිකාර්මික තාක්‍ෂණය භාවිත කිරීම, රුහුණු විශ්වවිද්‍යාලයේ සහ වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්මික පීඨ ඒකාබද්ධව පසු අස්වනු තාක්ෂණය සහ ආහාර සැකසීම වැනි පර්යේෂණ ක්ෂේත්‍ර සඳහා සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

Recent Post