නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

Landslide Warnings

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන පරිදි, ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇත.

ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා සඳහන් කළේ, මෙම අනතුරු ඇඟවීම අද (11) පස්වරු 4.00 සිට හෙට (12) පස්වරු 04.00 දක්වා බලපවත්වන බවයි.

එසේම, අදියර 1 සහ 2 යටතේ අනතුරු ඇඟවීම් පස්මොහොතේ පත් කර ඇති බවත්, පහත සඳහන් දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එය අදාළ බවත් ඔහු පැවසීය.

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවධානයෙන් සිටින්න:

  • කොළඹ: සීතාවක, පාදුක්ක
  • කළුතර: වලල්ලාවිට, හොරණ, ඉංගිරිය, මතුගම, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්දනුවර, අගලවත්ත
  • කෑගල්ල: රුවන්වැල්ල, යටියන්තොට, දෙහිඕවිට, වරකාපොළ, බුලත්කොහුපිටිය, කෑගල්ල, මාවනැල්ල, අරණායක
  • රත්නපුර: ඇහැළියගොඩ, කිරිඇල්ල, අයගම, ඇලපාත, කලවාන, රත්නපුර, කුරුවිට

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න:

  • බදුල්ල: ඇල්ල, හාලි ඇල, පස්සර
  • ගාල්ල: යක්කලමුල්ල, නියාගම
  • කළුතර: බේරුවල
  • කෑගල්ල: ගලිගමුව
  • කුරුණෑගල: නාරම්මල, පොල්ගහවෙල, අලව්ව
  • නුවරඑළිය: අඹගමුව
  • රත්නපුර: කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල, නිවිතිගල

Recent Post