ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න නියෝගයක්

බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (09) නියෝග කළා. ඒ, 2014 වසරේදී කොළඹ කොම්පඤ්ඤවීදයේ හෝටලයක පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් වැරදි අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට පළ කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ විවෘත අධිකරණයේ ඥාණසාර හිමියන් පෙනී නොසිටිම හේතුවෙන්. නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය අද අධිකරණයේ පෙනී සිටියා. ඒ අනුව මෙම නඩුව ලබන වසරේ මාර්තු 5 වනදා දක්වා කල්තැබුවා.

Recent Post