ලක්ෂ්මන් කිරිඇල්ල සිය දේශපාලනයෙන් සමුගනී

විපක්ෂයේ හිටපු සංවිධායක මෙන්ම සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සිය දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඊයේ (08) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා.

”සෑම දෙයක්ම සාර්ථකව සිද්ධ වෙනවා. විශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන් තරුණ පිරිස් අතර විශාල උනන්දුවක් තියෙනවා. අපි හිතුවාට වඩා උනන්දුවක් තියෙනවා. මම අවුරුදු 36ක් හිටියානේ. දැන් විවේක සුවයෙන් ඉන්නත් එපැයි. අවුරුදු 36ක් කියන්නෙත් දීර්ඝ කාලයක්. අපි තරුණ කට්ටියටත් අවස්ථාව දෙන්න එපැයි” ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියා.

තමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට බලාපොරොත්තු නොවන බවත් තම පවුලේ තරුණ අයෙක් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් කරනවා ද යන්න අද දින ඊට පිළිතුරු ලබා දෙන බවත් මාධ්‍යවේදීයෙකු අසන ඇසූ ප්‍රශ්නයකට පළිතුරු ලබා දෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල වැඩි දුරටත් කියා සිටියා.

Recent Post