මහමැතිවරණයට නාමයෝජනා භාරගැනී​ම අද සි​ට

මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අදින් (04) ආරම්භ කිරීමට නියමිතයි. ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. ලබන 11 වැනිදා මධ්‍යහන 12 දක්වා නාම යෝජනා භාරදිය හැකි බවයි ඔහු කියා සිටියා. මහ මැතිවරණය ආශ්‍රිතව මෙතෙක් කිසිදු සිද්ධියක් වාර්තා නොවන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරනවා. 2024 මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Recent Post