ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ ප්‍රධාන නියෝජිත යාමාඩා ටෙට්සුයා (YAMADA TETSUYA) ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමු වුණා.ඒ ජයිකා අයතනය මඟින් මෙරට ක්‍රියාත්මක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ භෞමික රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරිම පිළිබඳ සාකච්ඡා කිරීමටයි.
ජයිකා (JICA) ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමග නැවති ඇති ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කිරීමට පසුගියදා ජපාන තානාපතිවරයා ජනාධිපති ලේකම්තුමා හමුවූ අවස්ථාවේ දී සාකච්ඡා කර තිබුණා. එම කටයුතු කඩිනම් කිරීම පිළිබඳව අද පැවති සාකච්ඡාවේ දී අවධානය යොමු වුණා.