ජනපති අනුරට IMF අධ්‍යක්ෂිකාගෙන් ලිපියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක් කරමින් ලිපියක් යොමුකර තිබෙනවා. වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට ස්ථාවරත්වය, සෞභාග්‍ය සහ සුරක්ෂිත අනාගතයක් උදාකරලීමට හැකිවෙනු ඇතැයි තම විශ්වාසය බව ද එම ලිපියේ සඳහන් වනවා. දැනට ක්‍රියාත්මක වන IMF වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තිරසාර සහකරුවෙකු සහ පාර්ශවකරුවෙකු ලෙස තවදුරටත් කටයුතු කිරීමට සුදානම් බව ද එහි දැක්වෙනවා.

Recent Post