රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුර​ට

2024 ජනාධිපතිවරණයේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට මොහොතකට පෙර නිල වශයෙන් නිකුත් වුණා.

ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය. එම ප්‍රතිඵලයට අනුව ඡන්ද 19,185 (60.8%) ලබාගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත්වී තිබෙනවා.

දෙවෙනි තැනට රනිල් වික්‍රමසිංහ පත්ව ඇත්තේ ඡන්ද 6,641 (21.06%)ක් ලබාගනිමින්. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,675 (14.8%) ක් ලබා ගෙන දෙවෙනි තැනට පත්ව ඇති අතර නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 500 (1.6%) ක් ලබාගෙන සිව්වැනි තැන ලබාගෙන තිබෙනවා. පස්වෙනි තැන ලබාගත් දිලිත් ජයවීර මහතාට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 251 යි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි තැපැල් ඡන්ද සංඛ්‍යාව 32,530ක්. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 32,179ක්. ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 640 යි.

Recent Post