ඉන්දීය අගමැති මෝදි යුක්රේනයේ

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යුක්රේනයේ අගනුවර වන කියිව් (Kyiv) හීදී යුක්රේන ජනපධි සෙලෙන්ස්කි (Zelenskyy) හමුවිය. ඒ 1991 දී යුක්රේනය සෝවියට් සංගමයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු ඉන්දීය නායකයෙකු මෙසේ කළ පළමු අවස්ථාව සනිටුහන් කරමින්. එහිදී නායකයින් දෙදෙනා සාකච්ඡා පැවැත්වූ අතර Zelenskyy මෝදිගේ සංචාරය “ඉතා මිත්‍රශීලී” සහ “ඓතිහාසික” ලෙස විස්තර කලේ කලාපයේ ඉන්දියාවේ භූමිකාවේ වැදගත්කම අවධාරනය කරමිනි.

මෙම සංචාරයේදී ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම, ආරක්ෂක සහයෝගීතාව සහ විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව කෙරෙහි අවධානය යොමුවී ඇත. කෙසේ වෙතත්, සාකච්ඡාවලින් සැලකිය යුතු කොටසක් කේන්ද්‍රගත වූයේ යුක්රේනය සහ රුසියාව අතර පවතින යුද්ධය වටා වන අතර, මෙහිදී මෝදි සාමකාමී යෝජනාවක් වෙනුවෙන් පෙනී සිටී ඇත.

යුද්ධයෙන් අහිංසක ජීවිත අහිමි වීම පිළිබඳව සිය කණගාටුව පළ කළ මෝදි, ගැටුම්වලදී ළමුන් ඝාතනය කිරීම අනුමත කල නොහැකි බව ප්‍රකාශ කළේය. ඉන්දියාව යුද්ධයට එරෙහිව දැඩිව නැගී සිටින බව අවධාරණය කරමින් ඔහු සාමයේ පණිවිඩයක් ලබාදී ඇත.

මෙසේ මෝදී Zelenskyy ව හමුවූවද, ඉන්දියාව රුසියානු ආයුධවල සැලකිය යුතු ගැනුම්කරුවෙකු වන අතර, රුසියානු තෙල් මිලට ගනිමින් සිටී. මෝදිගේ Kyiv සංචාරය පැවැත්වූයේ මොස්කව්හිදී රුසියානු ජනාධිපති පුටින් සමඟ ඔහුගේ සමුවීමෙන් ටික කලකට පසුවය, එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වෙළඳාම වැඩි කිරීම සහ ජාතික මුදල් භාවිතා කරමින් සම්බාධක මග හැරීම ගැන සාකච්ඡා කල අති බව වාර්තා වේ.

Recent Post