IMF නියෝජතයින් හෙට ශ්‍රී ලංකාව​ට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් හෙට (02) මෙරට ට පැමිණෙන බව වාර්තා වෙනවා. එම පිරිස හෙට සිට 4 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවයි කියන්නේ.

එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් විසින්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම නියෝජිත කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අනෙකුත් නිලධාරීන් හමුවී මෙරට ආර්ථිකය සහ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් ගැන සාකව්ඡා කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ක්‍රියාත්මක ආර්ථික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පැවසෙනවා.

Recent Post