පවා දුන් අයට අපෙන් නාම යෝජනා ​නෑ

පසුගිය ජනාධිපතිවරණයේ දී තම පක්ෂය පාවාදුන් කිසිවෙකුට ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා පොහොට්ටුවෙන් නාමයෝජනා ලබානොදෙන බව එම පක්ෂය පවසනවා. එහි ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මේ බව කියනවා.

“අපේ පක්ෂය පාවා දීපු කොටසක් ඉන්නවා. ඒ කොටසට දේශපාලන වශයෙන් පත්වෙලා තියෙන තත්ත්වය ගැන මම කතා කරන්න කැමති නැහැ. පක්ෂය පාවාදුන් කිසිම කෙනෙක් නැවත පක්ෂයේ ඉහළ නිලතල ලබාදීමක් හෝ නාමයෝජනා ලබාදීමක් කරන්නේ නැහැ. කිසිම ආකාරයකින් පක්ෂය පාවා දීලා ගිය අයව නම් අපි මේ පක්ෂයට ගන්නේ නැහැ. පක්ෂය තීන්දුවක් ගත්තා, ඉදිරි මහ මැතිවරණයට ලංකාවේ තියෙන සියලුම දිස්ත්‍රික්ක සඳහා පොහොට්ටුව ලකුණ යටතේ තරග කරන්න” බව ඔහු සඳහන් කරනවා.

Recent Post