ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ආචාර්ය සෙනේෂ් දිසානාය​ක

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය සෙනේෂ් දිසානාය​ක පත් කර තිබෙනවා. අද (25) පෙරවරුවේ නව සභාපතිවරයා ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන සෙ​නේෂ් දිසානායක චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, තිර රචකයෙක් වනවා. කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමි හි විද්‍යාර්ථියෙක් වන ඔහු ජනසන්නිවේදනය විෂයය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනශූරී උපාධිය ලබා ඇති අතර ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙක්.

Recent Post