ආගමන් විගමන් පාලක ජෙනරාල් රිමාන්​ඩ්

ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය හරහා සහ විදේශගත වීසා බලපත්‍ර මෙහෙයුම් සඳහා අනුමැතිය ලබා දීමේ කැබිනට් තීරණය අත්හිටුවීම දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම නිසා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින්.

එහිදී පළමු වගඋත්තරකරු වන ඉලුක්පිටිය විසින් 2024 අගෝස්තු 2 දිනැති ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බව අධිකරණය හමුවේ අනාවරණය වුණා. එසේම පෙර කඩිනම් ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර (ETA) ක්‍රියාවලිය නැවත ස්ථාපිත කිරීම අනිවාර්ය කළ බවත් එහිදී ඔප්පුවී ඇති බව සඳහන්. ආගමන විගමන පාලක ජනරාල්වරයා අධිකරණ කටයුතු ආරම්භ වනතුරු ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය තුළ සිරභාරයේ තබා ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

අන්තර්ජාලය හරහා සහ විදේශගත වීසා බලපත්‍ර මෙහෙයුම් සඳහා අනුමැතිය ලබා දීමේ කැබිනට් තීරණයට එරෙහිව එම්.ඒ. සුමන්තිරන්, පාඨලී චම්පික රණවක හා රාවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වෙන් වෙන් ව පෙත්සම් ගොනු කර තිබුණා.

Recent Post