ඕනෑම අවස්ථාවක මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳී සි​ටී

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ඕනෑම අවස්ථාවක දී මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

“පාර්ලිමේන්තුව විසුරුවා හැරින ඕනෑම අවස්ථාවකදී එම දිනයේ සිට දින 52ත් 66ත් අතර කාලය තුළදී මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳී සිටිනවා. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිවේදනය ජනපති ලේකම්ගේ අත්සනින් නිවේදනය කරාට පසුව ඒ අනුව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා නාමයෝජනා භාරගන්නා දින කවදා ද, මැතිවරණය පැවත්වීමේ දිනය කවදා ද සහ පාර්ලිමේන්තුව නැවත රැස්වන දිනය කවදා ද කියලා.

2024 දී පාර්ලිමේන්තු මැතිවරණයකට කිසිදු ආකාරයක මුදල් වෙන්වීමක් වෙලා නෑ. 2025 වසරට තමයි නියම වශයෙන් තියෙන්නේ. නමුත් ජනාධිපතිවරයා විසින් ඔහුට තිබෙන බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිවේදනයත් සමඟම ඔහු බැඳිලා ඉන්නවා මැතිවරණයට මුදල් භාණ්ඩාගාරයෙන් ලබා දෙන්න. 2025 සඳහා අයවැය පුරෝකථනය කිරීමේදී රුපියල් බිලියන 11ක් මැතිවරණයකට අවශ්‍ය බව කියා තිබෙනවා” යි ඔහු පවසනවා.

Recent Post