සන්ධානයක් පිහිටුවීමට සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල යන දෙදෙනාට එජාප නායකයා විසින් සමගි ජන බලවේගයට ආරාධනා කිරීමේ වගකීම පවරා ඇති බවයි කියන්නේ.

ඉදිරි මහ මැතිවරණයට සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට ද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බවයි කියන්නේ.

එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගෙන තිබෙන්නේ කොළඹ, මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ ඊයේ (23) පැවති එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල හමුවේ දී බවයි වාර්තා වන්නේ.

Recent Post