ආයතන ප‍්‍රධානීන් රැසක් ඉල්ලා අස්වේ..

Resignation

පැවති රජය විසින් පත්කර ලද ආයතන ප්‍රධානීන් රාශියක් සිය ඉල්ලා අස්වීම් මේ වන විටත් භාරදී ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති රනිල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එවකට කැබිනට් මණ්ඩලය යටතේ ආයතන පාලනය කරන ලද සභාපතිවරුන් අධ්‍යක්ෂ මණ්ඩල ආදී සියලු ම පිරිස් මෙම දින දෙක තුන ඇතුළත ඉල්ලා අස්වීමට නියමිතය.

ඒ නව ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට අවශ්‍ය පරිදි කාර්ය මණ්ඩල ආයතන ප්‍රධානීන් පත් කිරීමට ඉඩ සලසා දෙමිනි.

කෙසේ වෙතත් නව ජනාධිපති අනුර දිසානායක මහතා මේ වන තෙක් කිසිදු ආයතනයක ප්‍රධානියකු අලුතින් පත්කර නැත.

Recent Post