ජනාධිපති ලේකම් -ආචාර්ය නන්දික සනත් කුමානායක-

president secretary 2024 nandika sanath kumara

ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (23) සිදු කර තිබුණා.

නව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සංවර්ධන අධිකාරිය පිළිබඳ ආචාර්ය උපාධියලාභියෙක්, ව්‍යුහාත්මක පරිවර්තනය හා දිළිඳුකම පිටුදැකීම පිළිබඳ විශේෂඥවරයෙකු ලෙස සැලකෙන ඔහු, ශ්‍රී ලංකා රේගුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන අතර නවීකරණ ක්‍රියාවලිය පිළිබඳ උපදේශකවරයෙක් බවයි කියන්නේ.

අද දින පත්වීම ලැබූ ජනාධිපති ලේකම්වරයා කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්.

Recent Post