ලක්ෂ්මන් යාපා ධුරයෙන් ඉල්ලා අස්වෙ​යි

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන අද (22) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කර ඇත්තේ මෙතෙක් නිකුත් කර ඇති ප්‍රතිඵල වලට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වු වෙනත් අපේක්ෂයෙකු ජයග්‍රහණය කර ඇති බව තමන්ට පෙනී යන හෙයින් තමන් දැරූ දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස් වන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් ගැන විශ්වාසය තබා එම ධුරය ලබා දීම ගැන ඔහුට ස්තූතිවන්ත වන බවයි ඔහු එම ලිපිය සඳහන් කර ඇත්තේ.

වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉකුත් මැයි මාසයේ දී ජනාධිපතිවරයා විසින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණා.

Recent Post