ගුවන් තොටුපොළ අවට දැඩි ආරක්ෂාව

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය තුළ ඊයේ (21) රාත්‍රී 06.00 සිට දැඩි ආරක්ෂාවක් යොදා ඇතිබව පැවසෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරක්ෂක රාජකාරියේ යොදවා ඇතැයි පැවසෙනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ මේ වනවිට ශ්‍රී ලංකාවේ දේශපාලනයට අයත් කිහිප දෙනෙකු විදෙස් ගතව ඇති බව පැවසෙනවා.

පොහොට්ටුවේ මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ Air India ගුවන් සේවයට අයත් AI 272 ගුවන්යානයෙන් ඉන්දියාවේ බලා පිටත්ව ගොස් ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර Thai AirAsia ගුවන් සේවයට අයත් FD 141 ගුවන්යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් තිබුණා.

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් Cathay Pacific ගුවන් සේවයට අයත් CX 610 ගුවන්යානයෙන් හොංකොං බලා ගොස් තිබෙනවා.

ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ සහ ඇයගේ පියා තිලකසිරි වීරසිංහ Emirates ගුවන් සේවයට අයත් EK 649 ගුවන්යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා. කටුනායක ගුවන් තොටුපොළ සිට අමෙරිකාව බලා ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවන නිසා ඔවුන් ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යන්නට ඇති බවයි කියන්නේ.

Recent Post