තලාගේ අසුනට කරූ නම්කරයි

මේ වනවිට පුරප්පාඩුවී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු එජාප සංවිධායකවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ද වන වන කරුණාරත්න පරණවිතාන මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබෙනවා. ඔහු කලෙක ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙසද කටයුතු කළ අයෙක්.

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල පසුගිය 21 වෙනිදා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා යි කරුණාරත්න පරණවිතාන මහතාගේ නම ගැසට් කර ඇත්තේ. 2020 මහ මැතිවරණයේ දී සජබයෙන් තරග කළ ඔහු මනාප 36,787ක් ලබා ලයිස්තුවේ හතරවන තැන ලබා සිටියා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටියදී පාඨලී චම්පික රණවක මහතාත් සමඟ ජනතා මිතුරෝ සංවිධානය හරහාත් අනතුරුව දෙදෙනාම එක්ව හෙළ උරුමය සංවිධානය සමඟත් දේශපාලනය කරමින් සිටි කරුණාරත්න පරණවිතාන මහතා කලෙක එජාප සංවිධායක ධුරයක්ද දරණු ලැබුවා. ඔහු අවසන් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ 2015 මහ මැතිවරණයේ දී මනාප 47,258ක් ලබාගනිමින්. ඒ රත්නපුර දිස්තික්කයේ එජාප මන්ත්‍රීවරයෙක් ලෙසයි.

Recent Post