ඊශ්‍රායලයේ පැය 48 ක හදිසි තත්වයක්

ඊශ්‍රායලය පැය 48 ක රටපුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ලෙබනනය පදනම් කරගනිමින් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට මහා පරිමාණ ප්‍රහාරයක් ප්‍රකාශ කර ඇති බැවින් මෙම හදිසි තත්වය ප්‍රකාශ කළ බවයි කියන්නේ. මේ වන විට දෙරට අතර දැවැන්ත ප්‍රහාර එල්ලවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායලය ඉලක්ක කර රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර 320කට වැඩි ප්‍රමාණයක් හිස්බුල්ලා සංවිධානය එල්ලකර ඇති බවයි ලැබෙන වාර්තා තහවුරු කරන්නේ. මෙම ප්‍රහාරය ඊශ්‍රායලය විසින් මින් මාසයකට පෙර සිය ප්‍රධාන හමුදාපති ෆුවාඩ් ෂුකුර්  ඝාතනය කිරීමට අදාළ පළිගැනීමක් ලෙස එල්ල කළ බවයි කියන්නේ.

මෙම ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ද හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් බව පවසමින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

Recent Post