එල් සැල්වදෝර් රාජ්‍ය මේ වසරේ මාර්තු 16 සිට සෑම දිනකම සම්පූර්ණ Bitcoin එක බැගින් මිල දී ගෙන ඇති ඇත. දැනට ඔවුන් සතු ගුප්තකේතන මුදලේ (Crypto) මුළු හිමිකම ඩොලර් මිලියන 360 ඉක්මවයි.
ලැබී ඇති දත්ත අනුව, මධ්‍යම ඇමෙරිකානු කලාපයේ රටවල් සතුව Bitcoin 5,852ක් ඇති අතර, මෙම ලිපිය ලියන විට එහි වටිනාකම ඩොලර් මිලියන 377කි. මෙම සැලකිය යුතු ආයෝජනයන් සිදුවනුයේ එල් සැල්දෝර්හී crypto ප්‍රතිපත්ති වටා ඇති මතභේදාත්මක තීරණ සහ ජාත්‍යන්තර විමර්ශන මාලාවක් මධ්‍යයේය. එරට ජනාධිපති නයිබ් බුකෙලේ (Nayib Bukele) මෑතකදී නිවේදනය කළේ ඔහුගේ පරිපාලනය එරට Bitcoin භාණ්ඩාගාරයේ සැලකිය යුතු කොටසක් සුරක්ෂිතාගාරයක සුරක්ෂිත කිරීමට සැලසුම් කර ඇති බවත්ය.
මෙම පියවර ජාතියේ ඩිජිටල් වත්කම්වල දිගුකාලීන ආරක්ෂාව වැඩි දියුණු කිරීම සහ සයිබර් තර්ජන වලින් ආරක්ෂා කිරීම අරමුණු කරයි.
විවේචන සහ උත්සුකයන්ට මුහුණ දී තිබියදීත්, Bukele මෑතදී දෙවන පස් අවුරුදු ධුර කාලය සඳහා නැවත මහජන ඡන්දයකින් තේරී පත්වීමෙන් ඇඟවෙන්නේ ඔහුගේ ප්‍රතිපත්ති සඳහා අඛණ්ඩව දේශීය සහයෝගයක් ඇති බවයි. කෙසේ වෙතත්, රටේ Bitcoin අත්හදා බැලීම අභියෝගවලින් තොර වී නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද (IMF) එල් සැල්වදෝරයේ crypto සංචිතය පිළිබඳව කිහිපවතාවක්ම ඔවුන්ගේ මත ප්‍රකාශ කර තිබේ. මෙම මස මුලදී ප්‍රකාශයක් නිකුත් කරමින්, IMF විසින් එරටේ Bitcoin වලට අනුගත වීමේ ක්‍රියාවලිය වැඩි විනිවිදභාවයක් ඉල්ලා සිටි අතර, මෙම පෙර නොවූ විරූ මූල්‍ය ප්‍රතිපත්තිය හා සම්බන්ධ විය හැකි අවදානම් අවම කිරීම සඳහා අමතර උත්සාහයන් අවශ්‍ය බව අවධාරණය කර ඇත.
තවද, ඇමරිකානු නීති සම්පාදකයින් එල් සැල්වදෝරයේ Bitcoin වලට මෙලෙස අනුගත වීම් ඇමරිකාවේ අවශ්‍යතාවලට තර්ජන එල්ල කළ හැකි බවට කනස්සල්ල පළ කර ඇත.