කෙනඩි ට්‍රම්ප් හා එක්වෙයි, ට්‍රම්ප් ජෝන් කෙන්ඩිගේ ඝාතනයේ වාර්තා මුදා හරීවි?

හිටපු ස්වාධීන ජනාධිපති අපේක්ෂක රොබට් එෆ්. කෙනඩි ජූනියර්, රිපබ්ලික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට වන ට්‍රම්ප්ට, ඔහුගේ සහයෝගය සනිටුහන් කළේය. ඒ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැලියකදී එක්වරම පෙනී සිටීමෙනි. කෙනඩී පනාධිපතිවරණ තරඟයෙන් ඉවත්වීම ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසු, ඇරිසෝනා හි වේදිකාව මත ට්‍රම්ප් සමඟ එක්වීය.

ට්‍රම්ප් කෙනඩිව හඳුන්වා දුන්නේ ගෞරවනීය චරිතයක් සහ ඇමරිකානු අගය වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටින්නෙකු ලෙසය. ආරක්ෂිත ආහාර, නිදන්ගත රෝග වැළැක්වීම සහ ආයතනික දූෂණයට එරෙහිව සටන් කිරීම ඇතුළු තීරණාත්මක ගැටළු විසඳීම සඳහා කෙනඩි ගෙනගිය දේශපාලන ව්‍යාපාරය ට්‍රම්ප් ප්‍රශංසා කළේය. ඇමරිකාව විදේශ යුද්ධවලින් ඈත් කිරීමට, නිදහස පහවුරු කිරීමට ඔවුන්ගේ හවුල් කැපවීම පිළිබඳද ට්‍රම්ප් මෙහිදී සඳහන් කළේය.සෞඛ්‍ය සම්පන්න දරුවන් සහ විනිවිද පෙනෙන නියාමන ආයතන සඳහා අන්‍යෝන්‍ය අපේක්ෂාව සඳහන් කරමින් කෙනඩි පවසා සිටීයේ ට්‍රම්ප් සමඟ ඔහුගේ මතවල වෙනස්කම්වලට වඩා පොදු වටිනාකම් කෙරෙහි අවධානය යොමු කළ බවයි. එම නිසා ට්‍රම්ප්ගේ කැපවීම ඔහු ඉස්මතු කළ අතර, ඇමරිකාව නැවත නිරෝගී කිරීමට කැප වූ ජනාධිපතිවරයකු අවශ්‍ය දැයි කෙනඩි ජනතාවගෙන් විමසීය.

තව්ද ට්‍රම්ප් මෙහිදී විශේෂයෙන් පවසා ඇත්තේ 35වන ඇමරිකානු පනපති ජෝන් එෆ්. කෙනඩි ඝාතනයට සම්බන්ධ සියලුම රාජ්‍ය වාර්තා මුදා හැරීමට ඔහුගේ අභිප්‍රාය වන බවයි, එය රොබට් එෆ්. කෙනඩි ජූනියර් වෙත උපහාරයක් ලෙස ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම පසුගිය ජූලි මාසයේදී කෙනඩිට එල්ල වූ ඝාතන උත්සාහය ඇතුළුව මෑත කාලීන ඝාතන උත්සාහයන් විමර්ශනය කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

Recent Post