දෙසැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණය අවලංගු කිරීමට විරෝධය පළ කිරීම සඳහා සිකුරාදා(11) දහස් ගණනක් රුමේනියානුවන් රටේ ඉහළම අධිකරණයෙන් පිටත රැස් වූ අතර, එහිදී පළමු වටයේ දී අපේක්ෂකයෙකු පෙරමුණ ගෙන සිටියේය.
රුසියාවට සම්බන්ධ යැයි සැක පළ කරන කොලින් ජෝර්ජෙස්කු (Calin Georgescu) අසාධාරණ සමාජ ජාලා මාධ්‍ය ප්‍රචාරණයකින් ප්රතිලාභ ලබා ඇති බව රාජ්‍ය ලේඛනවලින් මගින් සනාථ වීමෙන් පසුව එරට ඉහලම අධිකරණය තීන්දුවක් නිකුත් කර ඇත. නමුත් රුසියාව මේ හා කිසිදු සම්බන්ධයක් නැති බව ප්‍රකාශ කර තිබේ.
මැතිවරණය අවලංගු කිරීම රාජ්‍ය කෙරෙහි මහජන විශ්වාසය අහිමි වීමට හේතු වී ඇති අතර, ප්‍රධාන ධාරාවේ පක්ෂවල පීඩාකාරී දේශපාලන ගැටුම් සහ දූෂණ චෝදනාවලින් කලකිරී සිටින ඡන්දදායකයින් දැන් පාර්ලිමේන්තු ආසනවලින් තුනෙන් එකකට වඩා හිමි නව කණ්ඩායම්වල කෙරෙහි ප්මනාපය වර්ධනය වී ඇත.
සිකුරාදා, ජෝර්ජෙස්කුගේ නීතිඥවරයා මුල් මැතිවරණ ප්‍රතිඵල නැවත ස්ථාපිත කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයෙන් විධිමත් ලෙස ඉල්ලා සිටියේය. මෙහිදී ජෝර්ජෙස්කු නොපැමිණි නමුත්, ඔහු තම ආධාරකරුවන්ගෙන් තමා වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස ඉල්ලා සිටියේය.
උසාවියෙන් පිටත රැස්ව සිටි විරෝධතාකරුවන් 100,000ට අධික ප්‍රමාණයක්, “ප්රජාතන්ත්රවාදය” යන වචනය ලියා ඇති ව්‍යාජ මිනී පෙට්ටියක් රැගෙන ආහ. රොමේනියානු ජාතික කොඩි අතැතිව සහ ජෝර්ජෙස්කුගේ පින්තූර සමඟ ක්‍රිස්තියානි නිරූපක අතැතිව, “අපිට ඡන්දය දීමට අවශ්‍යයි” සහ “දෙවන වටය නැවත ගෙන එන්න” වැනි සටන් පාඨ කියමින් විරෝධතාව පළ කලහ.
මුල් ඡන්දය අවලංගු වී මාස හයකට පමණ පසු, මැයි 4 සහ මැයි 18 යන දිනවල ජනාධිපතිවරණ වට දෙකකින් යුත් මැතිවරණය නැවත පැවැත්වීමට ආණඩු පක්ෂය මේ වන විටත් එකඟ වී තිබේ.
අන්තර්වාරයේදී, දෙසැම්බර් 21 වන දින ධූර කාලය අවසන් වූ ජනාධිපති ක්ලවුස් අයෝහානිස් (Klaus Iohannis), නව ජනාධිපතිවරයෙකු තේරී පත් වන තෙක් ධුරයේ රැඳී සිටිනු ඇත.
NATO විවේචනය කිරීම සහ රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්රේනයට රුමේනියාව දක්වන සහයෝගයට විරුද්ධ වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ජෝර්ජෙස්කුට නැවත මැතිවරණයට සහභාගී වීමට අවසර ලැබේද යන්න තවමත් අවිනිශ්චිතය.
යුරෝපීය සංගමයේ (EU) සහ NATO සාමාජිකයෙකු ලෙස, රුමේනියාව යුක්රේනය සමඟ දිගම භූමි දේශ සීමාව බෙදා ගනී. කොන්ස්ටන්ටා කළු මුහුදේ වරාය හරහා යුක්රේන ධාන්‍ය ටොන් මිලියන ගණනක් අපනයනය කිරීමට පහසුකම් සැලසීම, යුක්රේන ප්‍රහාරක ගුවන් නියමුවන් පුහුණු කිරීම සහ යුක්රේනයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා පැට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතියක් පරිත්‍යාග කිරීම මගින් කියෙව් නගරයට සහාය වීමේදී රුමේනියාව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත.