විදේශගත ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාල හරහා උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික ලබා ගැනීමට පහසුකම්

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි ඩිජිටල් පහසුකම් සලසා තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඩිජිටල්කරණ වැඩටසටහන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් අනුවයි. මීට අදාළ වෙබ් අඩවිය මෙම වෙබ් අඩවිය අමාත්‍ය විජිත හේරත් අතින් විවෘත කෙරුණා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය පැවසුවේ මෙම ව්‍යාපෘතිය ඉදිරි කාලයේ දී සියලු තානාපති කාර්යාල ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි.

ඒ අනුව තානාපති කාර්යාල 07ක් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇති අතර ජපානය, කටාර්, කුවේට් තානාපති කාර්යාල මිලානෝ, ටොරොන්ටෝ, මෙල්බර්න් සහ ඩුබායි කොන්සල් කාර්යාල මගින් ඒ රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයන්ට මින් ඉදිරියට ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික සහතික ලබා ගැනීමේ අවස්ථාව උදා වනවා.විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවලට අදාළ තානාපති කාර්යාලයට පිවිස ප්‍රමාදයකින් තොරව මීට අදාළ සේවාවන් සිදුකරගත හැකියි.

Recent Post