ආපදාවෙන් විපතට පත් ජනතාවට සහ​න

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා. ගංවතුර සහ නායයාම්වලට ගොදුරුවී ඇති දිස්ත්රිදක්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, සහන සේවා කටයුතු කාර්යක්ෂම ක්රිවයාත්මක කිරීමටත් ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්යාංමශයේ ලේකම්වරයාට දැනුම් දුන්නා.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ජනතාවට අවශ්‍ය සහන සැලසීමට රජය කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා. ඒ සඳහා අදාළ පළාත්වල රාජ්යෙ නිලධාරින් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේ දී ජනතාවට එම සහන ලබා ගත හැකි බවත් ජනාධිපතිවරයා කියා සිටියා. එතෙක් පරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳ තොරතුරු ආපදා කළමනාකරණ මධ්යේස්ථානයේ 117 ඇමතුම් මැදිරිය සහ 0112136136, 0112136222, 0112670002 දුරකථන අංක ඇමතීමෙන් දැනුම් දිය හැකිවනවා.

Recent Post