ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා නායක මරු​ට

හිස්බුල්ලා සංවිධානය එහි නායක හසන් නස්රල්ලා (Hassan Nasrallah) මියගිය කළ බව තහවුරු කළේ, දිනකට පෙර ගුවන් ප්‍රහාරයකින් ඔහුව මියගිය බව ඊශ්‍රායලය පැවසීමෙන් පසුවය.

හිස්බුල්ලා සංවිධානයේ නායක සයීද් හසන් නස්රල්ලා වසර 30ක් පමණ නායකත්වය දුන් ඔහුගේ ශ්‍රේෂ්ඨ, අමරණීය දිවි පිදූ සහෝදරවරුන් සමඟ එක් වී සිටින බව හිස්බුල්ලා සංවිධානය මෙහිදී නිවේදනය කර ඇත.

‍1992 දී හසන් නස්රල්ලාගේ හිස්බුල්ලා පූර්වගාමියා වූ අබ්බාස් අල්-මුසාවි මියයෑමෙන් පසු නස්රල්ලා හිස්බුල්ලාහි මහලේකම් ලෙස තේරී පත් විය. එවිට ඔහුට වයස අවුරුදු 32 විය.

හිස්බුල්ලා ප්‍රවෘත්තිය ප්‍රකාශ කළ අවස්ථාවේදී බේරූට් (Beirut) වීදී වල සිටි ජනයා “අනේ දෙවියනේ” යනුවෙන් ශෝකයෙන් කෑගෑසූ බව ‍ද වාර්තාවේ.

2006න් පසු ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයට එරෙහිව එල්ල කල දරුණුම ප්‍රහාරයද මෙය වන බව වාර්ථාවේ.

Recent Post