රත්මලාන ගුවන් තොටුපළෙහි අවදානම් සහිත ස්ථාන ගැන අවධාන​ය

රත්මලාන ගුවන්තොටුපොළේ සීමා බැම්මක අවදානම පිලිබඳව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන්සේවා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය කළ දැනුම්දී තිබෙනවා. ඊට ක්ෂණිකව මැදිහත් වූ අමාත්‍ය බිමල් රත්නායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ ගුවන්තොටුපොළ සේවා ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර එහි අවදානම පිලිබඳ නිවැරදි විමසීමකින් පසුව එය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දී තිබෙනවා.

ගුවන් යානා හිමිකරුවන්ගේ සහ ක්‍රියාකරුවන්ගේ සංගමය(Aircraft Owners & Operations Asociations Sri Lanka ) විසින් රජයට සහ සිවිල් ගුවන් සේවා අධිකාරියට කළ අනතුරු ඇඟවීම අනුව රත්මලාන ගුවන්තොටුපොළේ ගාලුපාර සිමාවේ ඇති ඝන අඩි 9ක තාප්පය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නීති උල්ලංඝනය කරන බව කියැවෙනවා. එම පිහිටීම නිසා සුලු තාක්ෂණික දෝෂයකදී පවා, අධි ධාවනයකදී (Over run) තත්වයකදී ගුවන් යානයක් ගැටී සිදුවිය හැකි අනතුර අති විශාල බව කියැවෙනවා. මෙම තාප්පය ඉවත් කර, අනතුරකදී ඉකමනින් බිඳී යා හැකි සරල වැටක් ඉදිකරන ලෙස එම සංගමය ඉල්ලිම් කර තිබුණා. මෙමගින් පසුගියදා දකුණු කොරියාවේ මුවාන් ගුවන්තොටුපොලේදී මගීන් 179 කට ජීවිත හානි කරමින් සිදු වූ අනතුරට සමාන අනතුරු සිදුවීමට ඉඩ ඇති බවද ඔවුන් පවසනවා.

Recent Post