මත්ද්‍රව්‍ය හා පාතාලය කඩිනමින් අවසන් කරනවා – පොලිස්පති

පසුගිය සමයේ ක්‍රියාත්මක වූ යුක්තිය මෙහෙයුම යනු බෝර්ඩ් ලෑල්ලක් පමණක් බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කර තිබෙනවා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කළ එම මෙහෙයුම වෙනුවට මෙරට පාතාලය හා මත්ද්‍රව්‍ය මැඩලීමේ විශේෂ සහ කඩිනම් ක්‍රියාන්විතයක් ආරම්භ කරන බව ඔහු කියනවා.

සියලු පොලිස් කොට්‌ඨාසවල වැඩි වශයෙන් නිලධාරින් යුක්තිය මෙහෙයුම සඳහා යොදා තිබූ බවද පවසන ඔහු එම නිලධාරීන් සේවා අවශ්‍යතා මත යලිත් සුදුසු පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කරමින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව සඳහන් කළා. ජනාධිපතිවරයාගේ හා රජයේ උපදෙස් මත පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්දනය කිරීමෙන් නව වැඩපිළිවෙල ආරම්භ කරන බවයි ඔහු කියන්නේ.

මෙරට බුද්ධි අංශ තොරතුරු ද පදනම් කරගෙන පාතාලය හා මත්ද්‍රව්‍ය මුළුමනින්ම තුරන් කරන බව වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කරනවා.

Recent Post