පලස්තීන තානාපතිවරයා ජනපති හමු වෙයි

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා (Hisham Abu Taha) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු විය. මෙම හමුවේදී තානාපති අබු තාහා මහතා විසින් ජනාධිපති වෙත සිය සුබපැතුම් පිළිගන්වනු ලැබූ අතර පලස්තීන රජය සහ ජනතාව වෙනුවෙන් ද ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා සුබ පැතුම් පිරිනැමීය. ශ්‍රී ලංකාව විසින් දීර්ඝ කාලීනව පලස්තීනය […]

ස්විට්සර්ලන්ත ආර්ථික වර්ධනයට සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන් සඳහා සහාය පළ කරයි

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය අද (09) දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබ පැතුම් එක් කළ තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය ස්විට්සර්ලන්ත රජයේ සහ ජනතාවගේ සුබ පැතුම් ද ජනාධිපතිවරයා වෙත පිරිනැමීය. ශ්‍රී ලංකාව තුළ දැනට […]

ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අවධානය

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. මෙහිදී තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් පළ කරනු ලැබූ අතර දකුණු කොරියානු රජයේ සුබ පැතුම් ද පිළිගන්වනු ලැබීය. ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර […]

පාප්වහන්සේගේ සුබ පැතුම් වතිකාන තානාපතිවරයා විසින් ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. අනුර කුමාර දිසානායක මහතා ශ්‍රි ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වූ වතිකාන තානාපතිවරයා, කතෝලික සභාවේ ප්‍රධානී සහ ස්වෛරී වතිකාන රාජ්‍යයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ හෘදයාංගම සුබපැතුම් ද ජනාධිපතිවරයා […]

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ සහාය

ශ්‍රී ලංකාවට අපනයන වෙළඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් ( Julie Chung) මහත්මිය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය. ජනාධිපති අනුර කුමාර […]

ජනපති සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජුලී චන්ග් මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර […]

රුසියානු තානාපතිවරයා ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. මෙම හමුවේදී තානාපති එස්. ජගාරියන් මහතා පසුගියදා තේරී පත් වූ ජනාධිපති දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමූ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගෙන් පුද්ගලික පණිවිඩයක් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත […]