එජාප ලේකම් තනතුරින් රංගේ ඉවතට

එක්සත් ජාතික පක්ෂ ලේකම්වරයාව කටයුතු කරමින් සිටි  පාලිත රංගෙ බණ්ඩාර මහතා එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කර ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. පාලිත රංගෙ බණ්ඩාර මහතා එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ ලිපියට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (29) සිය අත්සන් තබා ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටමින් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පාලිත රංගෙ බණ්ඩාර මහතා මහ ලේකම් ධුරයට අදාළ රාජකාරි හරියාකාරව සිදු නොකිරීම යන චෝදනාව මුල් කර ගනිමින් පක්ෂ නායකත්වය අදාළ තීරණය ගෙන ඇතැයි පැවසෙනවා.

පාලිත රංගෙ බණ්ඩාර මහතා ඉවත් කිරීමෙන් හිස් වූ එජාප ලේකම් ධුරයට සමගි ජන බලවේගයෙන් සහ සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ තලතා අතුකෝරල මහත්මිය පත් කරන ලෙස පක්ෂයේ බහුතර නිලධාරී පිරිසක් ඉල්ලීම් කර ඇතැයි ද වාර්තා වෙනවා.

එහෙත් ඊයේ වෙනතුරු ඇය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නැති බවයි කියන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාලිත රංගෙ බණ්ඩාර මහතාගෙන් විමසීමේ දී ඔහු පවසා තිබුණේ ඒ සම්බන්ධව කිසිදු දැනුම් දීමක් තමාට මේ වන තෙක් ලැබී නැති බවයි.

Recent Post