අනුරට කොළඹ මුස්ලිම් ජනතාවගේ සහය

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට සහය දැක්වීම සඳහා ඊයේ (26) දින කොළඹ ‘මුස්ලිම් සහෝදරත්වයේ හමුව’ක් පවත්වා තිබෙනවා. රාජගිරියේ පිහිටි The Taprobane Entertainment හි දී පැවති එම සහෝදරත්වයේ හමුවට විශාල මුස්ලිම් ජන සහභාගිත්වයක් පැමිණ සිටියා.

ජාතින් බෙදා වෙන්කරමින් උනුන් අතර ඇණකොටා ගන්නා පාලනයක් වෙනුවට සහෝදරත්වයෙන් පිරි පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් උදාකරන, නව පුනරුද මඟට රට හරවන 2024 ජනාධිපතිවරණයේ විජයග්‍රහණය වෙනුවෙන් සහෝදර මුස්ලිම් ජනතාව දක්වන ඓතිහාසික සහයෝගය යනු සැප්තැම්බර් 21 වෙනිදා ලබන නියත ජයග්‍රහණයේ පූර්ව සහතිකයක් බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසන්නේ.

Recent Post