දැවැන්ත පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ කඩාවැටීමට හේතුව රනිල් වික්‍රමසිංහ මහතා බවයි සජබ සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියන්නේ. විනාශ වී ගිය එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගත හැක්කේ සජිත් ප්‍රේමදාස මහතා ජනපති වුවහොත් පමණක් බව ඇය පවසනවා.
“ඒ දවස්වල එක්සත් ජාතික පක්ෂෙන් පිට, අලියාගෙන් පිට කතිරේ දෙන්න බෑ කිව්ව මිනිස්සුන්ගෙන් අහන්න ඕන කෝ දැන් මේ පාර බැලට් පේපරේ අලියා කියලා. කෝ දැන් එක්සත් ජාතික පක්ෂය කියලා.
පොහොට්ටුවෙන් ආපු 92ක් දෙනා වෙනුවෙන් අවුරුදු ගණනාවක් තිස්සේ ආරක්ෂා කරගෙන ආපු පක්ෂය රනිල් වික්‍රමසිංහ තුට්ටුදෙකට විකුණලා දැම්මා. අවුරුදු ගණනාවක් තිස්සේ මහා ප්‍රසිද්ධ, රටට වැඩකරපු නායකයෝ බිහිකරපු ප්‍රධානම පක්ෂේ සිරිකොතේ ඩී.එස්. සේනානායක මහත්තයාගේ අලියා ඉස්සරහින් දැන් ගෑස් සිලින්ඩරයක් ගහලා. මේ මනුස්සයා රටට විතරක් නෙවේ පක්ෂෙටත් කරපු විනාසේ බලන්න. හොදට කල්පනා කරලා බලන්න සජිත් ප්‍රේමදාස ජනාධිපති උනොත් විතරමයි ඔය එක්සත් ජාතික පක්ෂෙත් ආරක්ෂා වෙන්නේ” යි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.