IMF ගිවිසුම ගැන නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන බව කියන්නේ IMF රාමුව තුළ සිටින අතර අන්තර්ගතවන යම් යම් කරුණු සංශෝධන කිරීමට බවයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් කියන්නේ. රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් හැටියට 2029 සියයට 15.4 කට නියම කරලා තියෙද්දී ඒ ඉලක්කම් වෙනස් නොකර රාජ්‍ය ආදායම් උපයන්නේ කොහොමද කියන එක අභ්‍යන්තර ප්‍රශ්නයක් බවයි ඔහු කියන්නේ.
“අපි වෙනස් කරන එක IMF එකට අපි පැහැදිලිව කියලා තියෙනවා. උදාහරණයකට රජය IMF එකත් එක්ක පොරොන්දු වෙලා තියෙනවා මෙහි ආර්ථික වසරකට සියයට 3 වගේ ගානකට යන්න. ණය ගෙවන්නයි රටේ අවශ්‍යතාවයටයි මේ සියයට 3 මදි කියලා අපි හිතනවා. මෙය සියයට 3 වඩා උස්සන්න ඕන කියන එක අපි විශ්වාස කරනවා. සමගි ජනබලවේගය තරයේ විශ්වාස කරනවා ඒකට අවශ්‍ය කරන උත්තේජනය ලබාදිය යුතුයි කියලා. ඒ නිසා ආර්ථික වර්ධන වේගය සියයට 8 -10කට යා යුතුයි. ඒ නිසා යුතු නම් යම් යම් සංශෝධන මේ IMF රාමුව තුළ සිදුකළ යුතුයි.
මේ නිසා පීඩාවට පත් වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. මැද පන්තියේ, පහළ මැද පන්තියේ දුප්පත්ත්ම දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස් වලට ඇතිවෙලා තිබෙන බර අඩුකළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපේ විරුද්ධ මතධාරීන් මිත්‍යාවක් ඇති කරලා IMF ගිවිසුම ම අවලංගු කරලා IMF එකේ තුන්වන කොටස ගන්න බැරිවෙයි, ලොකු ආර්ථික අර්බුධයක් නැවත නිර්මාණය වෙයි කියලා අපිට මඩ ගහනවා.
ජනප්‍රිය වෙන්න කරන්න බැරි දේවල් අපි පොරෛාන්දු වෙලා නෑ. රට අවදානම් තත්ත්වයක තියෙනවා කියලා හොඳට දැනගෙන මේ රාමුව තුළ සංශෝධන කරන්න පුළුවන් දේවල් තමයි අපි කතා කරලා තියෙන්නේ. අපි වගකීම් නැතිව කතා කරන්නේ නෑ.
2020 අවුරැද්දේ IMF එකට යන්න කිව්වෙත් අපි. IMF එකට යන්නේ නැතිව බැසිලුයි, නිවාඩ් කබ්රාලුයි, පීබී ජයසුන්දරයි එකතු වෙලා පැණියක් හදලා ඒක දෙනවා රටේ ආර්ථිකයට. එකෙන් රට බංකොලොත් වෙනවා.
හර්ෂයි, ඉරාන් වික්‍රමරත්නයි, මමයි ඇත්තටම ඥාණා අක්කා වගේ අනාවැකි කියන්නේ නෑ. අපි විශ්වාස කරන්නේ ආර්ථික විද්‍යාව. ඒ ආර්ථික විද්‍යාව පදනම් කරලා සාක්ෂි සහිත තීරණ ගැනීමට තමයි අපි බැදිලා ඉන්නේ. නයි තෙල් විකුණනවා වගේ අපි ප්‍රතිපත්ති විකුණන්නේ නෑ.
ආදායම් බදු දෙපාර්තමේන්තුව ඩිජිටල් කරලා ශක්තිමත් කරානම් මේක හරි පිලිවෙළකට වැඩ කරා නම් අපි විශ්වාස කරනවා මිනිස්සුන්ට සහන දෙන්නත් පුළුවන්,IMF ඉලක්ක වලට යන්නත් පුුළුවන් කියලා” කබීර් හෂීම් මන්ත්‍රීවරයා කියනවා.