මාව මරන්න හදනවා – චමුදිත සමරවික්‍රම

තමන්ව ඝාතනය කිරිමට ඩුබායි හි සිටන මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක්  සාකච්ඡා පවත්වා ඇති බවට විශ්වාසදායක අන්දමින් තමන්ට දැනගැනීමට ලැබුණු බව පෞද්ගලික නාලිකාවක වැඩසටහන් මෙහෙයවන චමුදිත සමරවික්‍රම මහතා පැමිණිල්ලක් කළ බව පිළියන්දල පොලිසිය පවසනවා.

දූෂණ විරෝධී බළකාය නමැති සංවිධානයක මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා බව කියාගන්නා නාමල් කුමාර ඒ බව සඳහන් කරමින් වීඩියෝවක් නිකුත් කර ඇති බවයි සිය පැමිණිල්ලේ දක්වා ඇති චමුදිත මහතා මෙරටින් පලා ගොස් ඩුබායි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ඉකුත් 21 වෙනිදින එම සාකච්ඡාව පවත්වා ඇති බවට තමන්ට දැනගන්නට ලැබුණු බව චමුදිත සමරවික්‍රම මහතා පැමිණිල්ලේ දක්වා ඇති බවයි කියන්නේ.

“රාජපක්ෂලාගේ රෙදි හෝදන්නේ චමුදිතයා, ඒ නිසා ඕකව ඉවරයක් කරලා දාන්න ඕන” යනුවෙන් එම සාකච්ඡාවේ මාතෘකාව වී තිබු බව එරට සිටින නාමල් කුමාරගේ ශ්‍රී ලාංකික තොරතුරුකාරියක එදිනම රාත්‍රී දුරකථනයෙන් දැනුම් දී ඇතැයි ද ඒ බව තමන්ට දැනුම් දෙන ලෙසද එම තොරතුරුකාරිය විසින් නාමල් කුමාරට පවසා ඇතැයි අදාළ වීඩියෝ හරහා දැන ගැනීමට ලැබුණු බව පැමිණිල්ලේ සඳහන් බව වාර්තා වෙනවා.

ඒ සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය ඕනෑම මොහොතක මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදීමට නාමල් කුමාර නැමැත්තා සූදානමින් සිටින බවට ද චමුදිත සමරවික්‍රම මහතා කරන ලද පැමිණිල්ලේ සඳහන් බව කියනවා. මේ සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් කීපදෙනකුටද දුරකථනයෙන් පැමිණිලි කර ඇතැයි වාර්තා වෙනවා.

Recent Post