යාවත්කාලීන නොකළ රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණයක් ගෙන නොමැ​ත

යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කළ බවට පළවන ප්‍රචාර මුළුමණින්ම අසත්‍යය බවත් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා අවධාරණය කර සිටියි.

මිලියන 2කට ආසන්න මෙතෙක් යාවත්කාලීන නොවූ  රියදුරු බලපත්‍ර හිමියන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා නව ක්‍රමවේදයක් හදුන්වා දෙන බවත් එම කටයුතු මෙම වසර අවසන් වීමට පෙර සිදු කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය. මෙරට පළමු රියදුරු බලපත්‍රය නිකුත් කළ 60 දශකයේ සිට මේ දක්වා රියදුරු බලපත්‍ර මිලියන 12.3ක් පමණ නිකුත් කර ඇති බව ද ඉංජිනේරු රංජිත් රූබසිංහ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා නිබෙනවා. 60 දශකයේ නිකුත් කළ රියදුරු බලපත්‍ර සඳහා කල් ඉකුත් වන දිනයක් නොමැති බැවින් එම බලපත්‍ර අලුත් කිරීමකින් තොරව භාවිතා කළ හැකිව තිබෙනවා. එබැවින් රියදුරු බලපත්‍රලාභීන් මිලියන 2කගේ පමණ‍ තොරතුරු යාවත්කාලීන වී නොමැත.

ඉදිරියේදී රියදුරන් සඳහා හඳුන්වා දීමට නියමිත අසාදු ළකුණු හා ස්ථානීය දඩ ගෙවීමට අදාළ කටයුතුද ඩිජිටල්කරණය කිරීමේ ප්‍රසම්පාදන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතිනවා. 2025 වසරේ ජනවාරි 01 වන දා සිට අසාදු ළකුණු හා ස්ථානීය දඩ ගෙවීම මෙම නව ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිත කරනු ඇත. ඒ සඳහා සියලු රියදුරු බලපත්‍රහිමියින්ගේ යාවත්කාලීන තොරතුරු අවශ්‍යය වනු ඇත. මේ සඳහා නව වෛද්‍ය වාර්තා ලබා ගැනීමට හෝ මෝටර් රථ දෙපාර්තමේන්තුවට පැමිණීම අවශ්‍යය නොවනු අතර නව ක්‍රමය මඟින් සියලු රියදුරු බලපත්‍ර හිමියන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම මේ වසර අවසන් වීමට පෙර සිදු කිරීමට ඔහු බලාපොරොත්තු වන බවත් වාර්තා වේ. 

Recent Post