හිරුටයි තිස්සටයි හරිනිගෙන් එන්තරවාසි

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය විසින් එන්තරවාසි දෙකක් වෙන් වෙන්ව, තමන්ගේ කීර්ති නාමයට හානි කරමින් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සිදුකර ඇති ප්‍රකාශයක් සහ එම ප්‍රකාශය විකාශය කළ හිරු අයත්වන ආසියානු මාධ්‍ය ජාලය වෙත යවා තිබෙනවා. සජබ මන්ත්‍රී තිස්ස අත්තනායක නුවර මහ පෙරහැර පිළිබඳව සාවද්‍ය ප්‍රකාශයක් කරමින් තම පක්ෂය බලය ලබාගැනීමත් සමඟ නුවර පෙරහැර නතර කරන බවට කළ ප්‍රකාශය වෙනුවෙන් මෙම එන්තරවාසිය යවා තිබෙනවා. 

තමන් නොකී කතාවක් කියමින් සිය කීර්තිනාමයට හානි කිරීම නිසා ඇය විසින් රුපියල් මිලියන 100ක් වහාම ගෙවන ලෙස ඉල්ලා තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට එක් එන්තරවාසියක් යවා තිබෙනවා. ඊට අමතරව තවත් එන්තරවාසිය හිරු අයත්වන ආසියානු මාධ්‍ය ජාලය වෙත යවා ඇත්තේ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය විකාශය කිරීම හේතුවෙන්. එන්තරවාසිය යවමින් දැනුම් දී ඇත්තේ අද (23) සිට දින 14ක් ඇතුලත ගෙවන ලෙස යි. එසේ නොකළොත් නඩු පවරන බව එන්තරවාසිය යවමින් දෙපාර්ශවය වෙත දන්වා තිබෙනවා.     

Recent Post