කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා අද (27) දේශපාලනයෙන් සමුගත්තේය.
සමුගැනීමට හේතුව ඔහු මෙලෙස මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේය.
“අපි බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි සජබය ඇතුළේ තියෙන්නේ. සමගි ජන බලවේගය කියලා කිව්වට මේක ඇතුළේ කිසිම සමගියක් නැහැ. මහා ඒකාධිපති පාලනයක් තියෙන්නේ. වැඩක් කරන්න කැමති කෙනෙකුට මෙතන වැඩක් කරන්න ඉඩ දෙන්නේ නැහැ.”
“උදාහරණයකට ගන්න ලේකම්තුමා… ලේකම්ගේ නම විතරක් ජාතික ලැයිස්තුවට නම් කරලා යැව්වා.”
“සමගි ජන බලවේගය තව ටිකක් කල් යනකොට අලියා ගිල්ල දිවුල් ගෙඩිය වගේ වෙනවා.”
“අන්න ඒ කාරණා නිසා මම සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් අද දිනයේ සිට ඉවත් වෙනවා. මම තීන්දු කළා මගේ දේශපාලනයට මින් ඉදිරියට තිත තියන්න.”