පරාටේ නීති සහනය දීර්ඝ කිරීම
හුදෙක් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දිනය කල් දැමීම වෙනුවට, මෙම දිගුකාලීන ගැටලුව සඳහා පිළිගත හැකි විසඳුම් සොයා ගැනීම සහතික කිරීම සඳහා රජය පාර්ශ්වකරුවන්ගේ කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත් වීය. එහි ප්‍රතිඵලයක් ලෙස, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විට 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබේ.
සහන පැකේජය ව්‍යාපාර සඳහා සහන ලැබෙන්නේ කාලය දීර්ඝ කිරීමෙන් පමණක් නොවේ. මහ බැංකුවේ දත්ත අනුව, රුපියල් මිලියන 25ට අඩු ණය ප්‍රාග්ධනයක් ඇති ණය ගැනුම්කරුවන්ගෙන් 99% කට, තම ණය මුදල් බැංකු සමඟ නැවත සාකච්ඡා කර, ගෙවීම් සැලැස්මකට එකඟ වීමට මාස 12ක සහන කාලයක් ලබා දී තිබේ.රුපියල් මිලියන 25 සහ 50 අතර ණය ගැණුම්කරුවන් සඳහාද මාස 9ක දිගුවක් ලබා දී ඇති අතර, අනෙකුත් ණය ගැණුම්කරුවන් සඳහා මාස 6ක දිගුවක් ලබා දී ඇත.
රජය විසින් යෝජනා කරන ලද සහ මහ බැංකුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සහන පැකේජය, අඩු පොලී අනුපාත, ආපසු ගෙවීම් කාලයෙහි දිගුව, ණය ශ්‍රේණිගත කිරීම් ලිහිල් කිරීම සහ තක්සේරු ආරවුල් විසඳීම සඳහා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් සැපයීම වැනි වැදගත් පියවර කිහිපයකින්ද සමන්විතය. ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සක්‍රීය දායකත්වය සහතික කිරීම මෙම සහන ක්‍රියාමාර්ගයන්හි ප්‍රධාන අරමුණ වේ.
පාසල් ළමුන් සඳහා පාසල් ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා සහාය
අස්වැසුම පවුල්වල ළමයි සමාජය තුළ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල දෙමාපියන් වෙත දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැටවී ඇති බර ලිහිල් කිරීමට ඉදිරි පාසල් වාරය සඳහා අත්‍යවශ්‍ය පාසල් පොත් සහ ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන් එක් දරුවෙකුට රුපියල් 6,000 බැගින් වෙන් කර තිබේ. අස්වැසුම ලබන පවුල්වල දරුවන්ට මෙම ප්‍රතිලාභය ඉක්මනින්ම ලබා දීම ආරම්භ කෙරේ.
අස්වැසුම නොලැබෙන පවුල්වල දරුවන් දැනට අස්වැසුම නොලබන නමුත් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින පවුල්වල දරුවන් සඳහාද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙම ප්‍රතිලාභය ලබා දෙනු ලැබේ.
මෙම ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර, ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන, මේ දීමනාව ලැබිය යුතු සියලුම දරුවන් හට එම සහනය සැලසීම සහතික කරමින් ඔවුන්ට මේ ප්‍රතිලාභය ලබා දීමේ වැඩපිළිවෙළ දින කිහිපයක් ඇතුළත ආරම්භ කිරීමට නියමිතය.