2025 වසරේ වැඩිම නිවාඩු සංඛ්‍යාවක් හිමි රටවල් අතරට ශ්‍රී ලංකාව

CN Traveller විසින් ඉදිරිපත් කර ඇති වාර්තා අනුව 2025 වසරේ ලොව වැඩිම නිවාඩු දිනයන් සහිත රට ලෙස නම් කර ඇත්තේ නේපාලයයි.

නේපාලයට 2025 වසර සඳහා රජයේ අනුමත පොදු නිවාඩු දින 39ක් හිමිවේ.

CN Traveller ශ්‍රේණිගත කිරීමට අනුව මියන්මාරය 2025දී නිවාඩු 32ක් හිමිකරගනිමින් දෙවැනි තැනට නම් කර ඇත අතර නිවාඩු 26ක් ලබා දෙමින් ඉරානය තුන්වන ස්ථානයටත් හිමිකරගෙන තිබේ. නිවාඩු 25 හිමිකරගනිමින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 4 වන ස්ථානයයි.

බංගලාදේශය, ඊජිප්තුව සහ ඉන්දියාවට ලබන වසර සදහා නිවාඩු 22 බැගින් හිමිව තිබේ.

ඔස්ට්‍රේලියාවේ නිවාඩු දිනයන් ගණන ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වන අතර වික්ටෝරියාවට  2025 වසර සඳහා නිවාඩු දින 12ක් හිමිවේ.

Recent Post