ශ්‍රී ලංකාවේ ප්‍රථමි තරු හතේ හෝටලයක් වන අවියානාව (Aviyana) හෝටලය ලබන වස වසරේදී විවෘත කිරීමට නියමිත. අක්කර 27ක සියළු පහසුකම් සහිත 60කට ආසන්න සුබෝපභෝගී විලා සහ පහසුකම් රැසක් සහිත මෙම හෝටල් ව්‍යාපෘතිය ශ්‍රී ලාංකීකයින්ටම ආවේණික වූ සංග්‍රහශීලීත්වයත්, දිගු ඉතිහාසයක් ඇති අපේ රටේ ආහාර රටාව හා භාවනා ක්‍රමයත් මත පදනම් වූ සංකල්පයකි.
මහනුවර තල්වදණියි උඩිස්පත්තුවි ප්‍රවේශවේ අක්කරි විසි හතක භූමි භාගයකි රමණීයි පරිසරයක මෙම හෝටල් සංකීර්ණය ඉදිකරමින් පවතී. Aviyana හෝටල් ව්‍යාපෘතිය මේ වන විට 70%ක පමණ අවසන් කර ඇත. මෙම හෝටලයේ සේවාවන් සංචාරකයින්ට ජාත්‍යන්තර මට්ටමින් සැලස්වීම සඳහා ප්‍රසිද්ධ සූපවේදීන්, නිර්මාණකරුවන් හා සංවිධායකයින් මේ වන විටත් Aviyana සමඟ ගිවිසුම් අත්සන් කර සූදානම් වී සිටී.
අවියානා හෝටල් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය තිසර හේවාවසම් තනි පුද්ලයකු ලෙස එක් සේවකයකුගෙන් ආරම්භ කළ මෙම වයපෘතිය අද සමස්ථ ශ්‍රී ලාංකිකයකුගේම පොදු සම්පතක් වීමට අවස්ථාව උදා වනු ඇත. ආචාර්ය හේමාවසම්ගේ අරමූණ වනුයේ ලබන වසවරේ සිට වසරකට ඩොලර් මිලියන 500ක ආදායමක් ලංකාවට ගෙන එමට කටයුතු කිරීමයි.