පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ 50කට නඩු

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 50කට එරෙහිව ඊයේ (10) දිනයේ නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.නාඩු , කැකුළු, හා සම්බා සහල් සදහා නියම කර තිබෙන පාලන මිල ඉක්මවා කිලෝවක් රුපියල් 10 ,15 හා 20 වශයෙන් වැඩි මිලට අලෙවි කිරීමේදී මෙම වෙළෙන්දූන් නීතියේ රැහැනට හසුකර ගැනිමට හැකි වූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන හා තොග සඟවා ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද(11) සිට තවත් පුළුල් කරන බවයි.

නියම කරන ලද සහල් මිලට සහල් ලබා දෙන ලෙස වෙළෙඳ ප්‍රජාවගෙන්, නිෂ්පාදකයන්ගෙන් හා තොග වෙළෙන්දන්ගෙන් වගේම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් කිසියම් හෝ අකටයුත්තක් හෝ වැඩි මිලකට සහල් විකිණීමක් සිදුවන්නේ නම් ඒ ගැන පාරිභෝගික අධිකාරියේ 1977 අංකයට පැමිණිලි කළ හැකි බව ද පාරිභෝගික අධිකාරිය සදහන් කරයි.

Recent Post