විදුලි බිල අඩුකිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩුකිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට අද ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ , මේ වනවිට ඊට අදාළ දත්ත සමාලෝචනය අවසන් කර ඇති බවයි.

ඒ අනුව කොපමණ ප්‍රතිශතයකින් විදුලි බිල අඩුකර යුතුදැයි අවසන් ගණන් තැබීම් මේ වන විට සිදු කර තිබෙනවා. සංශෝධිත යෝජනාවලිය භාර දීමෙන් පසු මහජන උපයෝගීතා කොමිසම ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. ලංකා විදුලි බල මණ්ඩලය විදුලි බිල අඩු කිරීම සඳහා මීට පෙර යෝජනාවලියක් ඉදිරිපත් කළද එය සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන්නැයි මහජන උපයෝගීතා කොමිසම දැනුම් දුන්නා.නව සංශෝධිත යෝජනාවලිය ඉදිරිපත් කෙරෙන්නේ ඒ අනුවයි.

Recent Post